brand logo

ලබන 4 සහ 5 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩ නැහැ

01 August 2020

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 යන දිනවලදී සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් කර තිබේ. ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පෙර දිනයේ එහි සාමාන්‍ය රාජකාරී කටයුතු සිදු නොකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි.
 

More News..