brand logo

ලබන 05 වනදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

03 June 2020

ලබන 05 වන දින ඡායා චන්ද්‍රගහණයක් මෙරටට දිස්වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය පවසයි. එම අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මාහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙය මේ වසරේදී දිස්වන දෙවන චන්ද්‍රගහණය බවයි. එම ඡායා චන්ද්‍රගහණය ලබන 05 වන දින රාත්‍රී 11.15ට ආරම්භ වී ලබන 06 වන දින අලුයම 2.34ට අවසන් වීමට නියමිතව තිබේ. මෙම චන්ද්‍රගහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියා සහ යුරෝපීය රටවල් රැසකට දිස්වනු ඇති බව මහාචාර්ය චන්ද ජයරත්න මහතා සදහන් කළේය.
 

More News..