brand logo

ලබන වසරේ සිට පෙළපොත්වලට අධ්‍යාපන ඇමතිගේ ඡායාරූපය

27 June 2019

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා පණිවුඩය ඇතුළත් කිරීම අඛණ්ඩව සිදුවන්නක් බවත්, ඒ සඳහා අමතර මුදලක් වැය නොවන නිසා ලබන වසරේ ලබාදෙන පෙළපොත්වලටත් ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටි අතර පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා රුපියල් කෝටි දහසයක මුදලක් අමතරව වැය වී තිබෙන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා මූල්‍ය පාඩුවක් සිදු වූ බවට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අධ්‍යාපන නිලධාරියෙකු ප්‍රකශ කළ බවට සමහර මාධ්‍ය වාර්තා කර තිබුණද, අදාළ නිලධාරියා එවැන්නක් ප්‍රකාශ නොකළ බවට දිවුරුම් ප්‍රකාශයකින් අධ්‍යාපන ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
 

More News..