brand logo

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම්

26 November 2019

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. 2019 පාසල් වාරය අවසන් වීමට තවත් දින 3 ක පමණ කාලයක් තිබියදීත් පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදිමට අවශ්‍ය පියවර නොගැනීම කණගාටුවට කරුණක් බව පෙන්වාදෙන අධ්‍යාපන අමාත්‍යවරයා එහි පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බව ද පෙන්වා දෙන අතර පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබාදිමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ද ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය වර්ෂයේ පැවති මිල ගණන් යටතේම නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබාදීමට අදාලව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබුණ ද ඒ සඳහා තීරණයක් ලබාදි නොමැති බව සඳහන් වෙයි.
 

More News..