brand logo

ලබන වසරට රජයේ අරමුදල්වලින් කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය නවත්වයි

10 December 2019

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කර ගනිමින් ලබන වසර සඳහා දිනපොත්, කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සභාපතිවරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක මේ බව සඳහන් වෙයි. නව රජය පත්වූ පසුව ලබාදුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ. උදයජීව ඒකනායක
 

More News..