brand logo

ලබන වර්ෂයට අයවැය අද පාර්ලිමේන්තුවට

17 November 2020

ලබන 2021 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව' මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අනුව විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය කතාව පැවැත්වීම අද පස්වරු 1.40ට සිදුකිරීමට නියමිතව ඇත. අයවැය කියවීමේ විවාදය 18 වනදා සිට 21දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ලැබේ. අයවැය තුන්වනවර කියවීම ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනවා. අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවෙන් පසු එදින සවස තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2678.04ක්. මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය බව සඳහන් වේ. සම්පුර්ණ අයවැය යෝජනා දැනගන්න අපත් සමඟ රැඳී සිටින්න.
 

More News..