brand logo

ලබන අවුරුද්දේ විවාහ වෙන්න ඉන්න හිරුෂි

20 October 2022

ඉස්කෝලේ’ ටෙලි නාට්‍යය හරහා අපිට හමුවන අපූරු චරිතයක් තමයි අනගි කියන්නෙ. ටීවී දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරි තරගය ජයග්‍රහණය කිරීමෙන් කලා ක්ෂේත්‍රයට පිවිසුණ හිරුෂි පෙරේරා තමයි මේ අනගිගෙ චරිතයට පණ පොවන්නෙ. කලා ක්ෂේත්‍රයේ කෙනෙකු සමගම ඇය ළඟදීම විවාහවෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ඒ ගැන වගේම ඇගේ කලා කටයුතු පිළිබඳවත් දැනගන්න අපි හිරුෂිත් එක්ක කතා කළා. කොහොමද හිරුෂි මේ දවස්වල ඉස්කෝලේ වැඩකටයුතු? ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු මේ දවස්වල ගොඩක් හොඳින් කරගෙන යනවා. ඉදිරියේදි ලෙකු වෙනසකුත් එක්ක මීටත් වඩා ලස්සනට ඉස්කෝලේ ටෙලි නාට්‍යය රසිකයන්ට නරඹන්න පුළුවන් වෙයි. May be a closeup of 1 person, sky and tree හිරුෂි ඇත්තටම නර්තනයට දක්ෂ කෙනෙක් නේද? අනිවාර්යයෙන්ම. මම පුංචි කාලෙ ඉඳලා නර්තනය හැදෑරුවා. උඩරට නර්තනයට තමයි මම වැඩිපුරම දක්ෂ. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අනගි කියන්නෙත් නර්තනයට දක්ෂ ගෑනු ළමයෙක්. මේ චරිතය මට ලැබෙන්න හේතුවක් වෙලා ඇත්තෙත් මට නර්තන හැකියාව තියන නිසා කියලා මම හිතනවා.   ඉස්කෝලේ අනගිට කලින් දෙවෙනි ඉනිමේ තමීරාගේ චරිතයෙන් ඔබ හුඟක් ජනප්‍රිය වුණා නේද? ඇත්තටම දෙවෙනි ඉනිමේ තමීරාගේ චරිතය තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මට කොටස් කීපයක විතරයි දෙවෙනි ඉනිමේ රඟපාන්න ලැබුණෙ. ඒ කෙටි කාලයට මාව මුළු ලංකාවේම ජනප්‍රිය වුණා. අනෙක් නිර්මාණවලින් මට ආරාධනා ලැබුණෙත් දෙවෙනි ඉනිමෙන් ලැබුණ ඒ ජනප්‍රියත්වය නිසා. No photo description available. රංගන ශිල්පිනියක් වෙන එක පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක්ද? රංගන ශිල්පිනියක් වෙනවා කියලා මගේ අදහසක් තිබුණෙ නැහැ. මම වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නිරතවෙලා ඉද්දි මගේ අම්මා තමයි ටීවී දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරි තරගයට මගේ නම සඳහන් කරලා අයැදුම්පත දාන්නෙ. අවුරුදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය කළාට පස්සෙ මට ටෙලි නාට්‍යයවල රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දි ඔබ රංගනය හදාරනවද? මට හිතුණ දෙයක් තමයි කලා ක්ෂේත්‍රයේ වැඩ කරනවා නම් රංගනය ගැන ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් මම මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර උපාධිය හදාරනවා. May be an image of text that says 'EE do doit. it.' ඔබ දිගටම වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නද බලාපොරොත්තුව? රංගනය මගේ වෘත්තීය කරගන්න කැමති නැහැ. ඉදිරියෙදි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මම බලාපොරොත්තු වෙනවා. අපේ මේ ජනප්‍රියත්වය හැමදාම තියන දෙයක් නෙවෙයි. එක කාලයක් එනවා අපිට නිර්මාණවලින් ආරාධනා එන්නෙ නැති. ඉතින් එවැනි කාලයක රංගනය අපේ එකම වෘත්තිය වෙලා තිබුණොත් මුදල් අතින් අපි හරි අසරණ වෙනවා. ඒ නිසා පුළුවන් කාලෙ විතරක් රඟපාලා ඊට පස්සෙ මගේ ව්‍යාපාර කටයුතු බලාගෙන ඉන්නයි මගේ බලාපොරොත්තුව. කලා ක්ෂේත්‍රයේ කෙනකු සමගම විවාහ වෙන්න යනවා කියලා ආරංචියක් තියනවා... ඒක ඇත්ත. ඔහු කලා ක්ෂේත්‍රයේ වැඩවල නිරතවෙලා ඉන්න කෙ⁣නෙක්. ඔහුගේ නම දැම්ම කිව්වොත් අගයක් නැහැ. ඒ නිසා මම ඔහුව මෙහෙම හඳුන්වන්නම්. දෙවෙනි ඉනිම සහ සංගීතේ ටෙලි නාට්‍යයවල සම අධ්‍යක්ෂවරයා තමයි මගේ අනාගත සැමියා වෙන්නෙ. අපි දෙන්නා ලබන අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. May be an image of 2 people, people standing, outdoors and text that says 'THUSHARA SANJEEWA DEWEN INIMA OFFICIAL PHOTOGRAPHY THUSHARA SANJEEWA PHOTOGRAPHY 0779355291 DEWENI DEWEIEPS923 INIMA EPISODE' විවාහයෙන් පස්සෙ ඔබේ සැමියා ඔබට රඟපාන්න ඉඩ දෙයිද? ඔහුත් කලා ක්ෂේත්‍රයේ වැඩ කරන කෙ⁣නෙක් නිසා මාව හොඳින් තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා විවාහ වුණාට පස්සෙ රඟපාන එක ගැන කිසිම ගැටලුවක් නැහැ. පවුල් ජීවිතය වගේම අපේ වෘත්තීය කටයුතුත් සමබරව කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු... තවත් ටෙලි නාට්‍ය කිහිපයකින් මට ආරාධනා ලැබිලා තියනවා. ඉස්කෝලේ ටෙලි නාට්‍යයෙන් වගේම ඉදිරියෙදි ඒ ටෙලි නාට්‍යය හරහාත් මම රසිකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂාන් ජයසූරිය May be an image of child, standing and outdoorsMay be an image of one or more people and people standingNo photo description available.
 

More News..