brand logo

ලතා මංගේෂ්කාර් තවමත් දැඩි සත්කාර ඒකකයේ

17 January 2022

‘අපට තවදුරටත් ඇගේ තත්ත්වය සම්බන්ධයෙන් බලා සිටින්නට සිදුවෙනවා’

කොවිඩ් වැලඳී මේ වනවිට රෝහල්ගත කර සිටින ඉන්දියානු ගායිකා ලතා මංගේෂ්කාර්ට තව දින කිහිපයක් වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බව වාර්තා වේ. ‘අපට තවදුරටත් ඇගේ තත්ත්වය සම්බන්ධයෙන් බලා සිටින්නට සිදුවෙනවා’ ඇයට ප්‍රතිකාර කරන වෛද්‍ය ප්‍රතිත් සම්දානි පවසා තිබිණි.

මේ වනවිට 92 වැනි වියෙහි පසුවන ලතා මංගේෂ්කාර් පසුගිය අඟහරුවාදා ඇතුළත් කර තිබුණේ මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලටයි. ඇය නියුමෝනියා තත්ත්වයෙන්ද පීඩා විඳින බව සඳහන් විය. පසුගිය සතියේ මංගේෂ්කාර්ගේ පවුලේ අය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ඇයගේ තත්ත්වය යහපත් බවයි. ඒ ගැන කවුරුත් සතුටින් සිටින බව පවුලේ ඥාතියකු සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ඇය බැලීමට යාමට කිසිවකුට ඉඩ නොලැබෙන බවද සඳහන් වේ. ‘කාටවත් ඇය බැලීමට යාමට අවසර දෙන්නේ නැහැ’ මංගේෂ්කාර්ගේ සොහොයුරිය වන ආශා බෝස්ලේ පවසා තිබුණාය. ‘මම වරක් ඇය බැලීම සඳහා රෝහලට ගියා. නමුත් මට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. නැවතත් වසංගතය පැතිරෙමින් තිබෙන නිසා ඔවුන් එහි දැඩි සීමාවන් ක්‍රියාත්මක කර තිබෙනවා’ යනුවෙන්ද ඇය සඳහන් කර තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..