brand logo

ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරේ

08 January 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා. නව පාසල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානයක් ඇතුළු අංග ගණනාවකින් නව නගරය සමන්විත වනවා. එම සියලුම ගොඩනැගිලි අද දිනය තුළ ජනපති අතින් විවෘත කිරීමට නියමිතයි. ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයක්. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500ක් වනවා. මොරගහකන්ද කළුගග ඉදිකිරීමේදී ලග්ගන පැරණි නගරය වසා දැමීමට සිදුවුණා. මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබෙනවා. මේ හේතුවෙන් නිවාස සහ දේපළ අහිමි වූවන් මෙම නව ලග්ගල හරිත නගරයෙන් එම නිවාස ඉඩකඩම් ලබාදීමට නියමිතයි. ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
 

More News..