brand logo

ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කිරීම හේතුවෙන් විමර්ශන

28 April 2019

නොරච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරච්චෝලේ පොලීසිය සදහන් කරයි. 27 වැනිදා රාත්‍රී කාලයේ මෙම ඩ්‍රෝනා යාත්‍රාව ගමන් කර ඇත. බලාගාරයට මීටර් 100 - 150 ක් පමණ ඉහළින් ඉතාමත්ම වේගයෙන් මෙම ඩ්‍රෝනා යාත්‍රාව ගමන් කර ඇත. නොරච්චෝලේ තාප විදුලි බලාගාරයේ ආරක්ෂාව සදහා මේ වන විට නාවුක හමුදාව යොදා ඇත.ආරක්ෂාවට සිටි නාවුක හමුදා නිලධාරීන් ඩ්‍රෝනා යාත්‍රාවට වෙඩි ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම් වුවත්,එය ඉතා ඉහළින් සහ වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් වෙඩි තැබීමටද නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඩ්‍රෝනා යාත්‍රාව ගමන් කළ වේගය සහ උස අනුව ඉන් බලාගාරයේ ඡායාරූප ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව තම අදහස යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.නොරච්චෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 

More News..