brand logo

ලක්ෂ5ක හෙරොයින් අල්ලයි

13 October 2020

  මෝටර් රථයක සඟවා රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා හෙරොයින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය සඳහන් කරනවා. මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුයි. සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය චෝදනා රැසක් පෙර වැරදි වශයෙන් තිබෙන අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට මාසයකට පමණ පෙර ඇප ලබා පැමිණ යලිත් හෙරොයින් ජාවාරම පටන් ගෙන ඇති බව අනාවරණය වී ඇත. ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගිංතොට උක්වත්ත ප්‍රදේශයේ රැකවල්ලා සිට මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදි සැකකරු සන්තකයේ තිබී මෙම හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 230ක් සොයාගෙන ඇත. මෝටර් රථය පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු එහි සුක්ෂම ලෙස තවත් හෙරොයින් සඟවා තිබේදැයි නිල සුනඛයා ලවා පරීක්ෂා කිරීමටද පියවර ගත්තේය. සැකකරු සහ මෝටර් රථය හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
 

More News..