brand logo

ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

24 June 2019

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවල දෙකක් වන අතර ඔවුන සමඟ වයස අවුරුදු දෙකක පමණ වන දියණියක්ද සිට ඇත. මෙම පිරිස අද දින උදෑසන 8.40ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර .ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි තිබී ඇත. එහි රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් වටිනා දුම්වැටි 96,600ක් අඩංගු දුම්වැටි කාටූන් 483ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටියි.
 

More News..