brand logo

ලක්ෂ පන්දාහකට වැඩිය මාව වටිනවා - වෙල්ගම

03 February 2019

ඕනෑම වේලාවක මම දැන් වටිනවා ලක්ෂ පන්දාහකට වැඩිය. ඇයි එතකොට මගේ කට වහන්න පුළුවන්නේ. අනෙක් මන්ත‍්‍රිවරු වටින්නේ ලක්ෂ දෙදහස් පන්සියක් නම් ලක්ෂ පන්දාහක් හරි දිලා මාව ගන්නවා. මන්ත‍්‍රිකම කියන්නේ බිස්නස් එකක් යැයි කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා පැවසිය. මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කලේ ඌව පරණගම ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ කාන්තා සංවිධාන බල මණ්ඩලය සදහා ඊයේ ( 02 දා * සහභාගි වෙමිනි. බදුල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි චාමික බුද්ධදාස මහතා විසින් සංවිධානය කර තිබු මෙම රැුස්විම වැලිමඩ තුෂාර උත්සව ශාලවේදි පැවැත්වින. මේ සදහා ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා ද එක්ව සිටි අතර ඌව පරණගම ප‍්‍රාදේශිය සභාවේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරුන් පිරිසක් සහ ඌව පරණගම කාන්තා බල මන්ඩල නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය. මම ඇත්ත කතා කරන කෙනෙක්. මම බොරු කියන්නේ නැහැ. මොකද මම රටට ආදර කරන කෙනෙක් හැටියට තමයි කතා කරන්නේ. සමහර අය කියනවා ඔහොම කතා කරන්න ගියොත් පාර්ලිමේන්තු මැතිවරණයේදින්් පරදියි කියලා. මම කිව්වා කමක් නැහැ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුනත් කමක් නැහැ ඇත්ත කතා කරලා. අපේ යුතුකමක් තියෙනවා අපේ පොඩි එවුන්ට ඇත්ත පෙන්නලා දෙන්න. මොකද මේ රට ඉස්සරහට ගෙනියන්න ඉන්නේ මේ පොඩි අය. අපේ උගත් පරම්පරාවක් ඉන්නවා. ඒ අය තමයි මේ රට ඉදිරියට ගෙනියන්නේ. ඒ අයට අපි ඇත්ත කියලා දුන්නොත් තමයි ඒ අයට මේ රට ඉස්සරහට ගෙනියන්න පු`එවන්. ඒ නිසා මන්ත‍්‍රි කමට වැඩිය ඇමති කමට වැඩිය වෙනත් තනතුරු වලට වැඩිය අපේ රට ගැන හිතලා පොඩි අය ගැන හිතලා අපි තීන්දුවක් ගන්න ඕනි. ඒ නිසා තමයි මම ඇත්ත කතා කරන්නේ. සමහර අයට මේක රිදෙනවා. කරන්න දෙයක් නැහැ ඒකට. මේ හැම ආණ්ඩුවක්ම යූඑන්පී , ශ‍්‍රී ලංකා මේ හැම ආණ්ඩුවක්ම තමන්ගේ බලය ආරක්ෂා කරන්න මිනී මැරුවේ නැද්ද. මට මතකයි අපේ තරුණ කාලේ රත්නපුරේ ත‍්‍රිමා විතාරණ කියන විශ්ව විද්‍යාල තරුණයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් නලලට පරාල ඇණයක් ගහලා මැරුවේ. වැඩිහිටියන්ට මේක මතක ඇති. ඒ වගේ දිගටම තමන්ගේ බලය ආරක්ෂා කර ගන්න හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව කතා කරන අය තමන්ට විරුද්ධව යන අයට විරුද්ධව ක‍්‍රියා කලා. සමහර අය මැරුවා. ඉතිං ඒක කාටවත් නැහැ කියන්න බැහැ. මේක තමයි ඇත්ත. දැන් මේ ආණ්ඩුවෙන් මිනිස්සු නොමරා මරණවා. එදා එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි අද මේ ආන්ඩුව මේ කරන වැඩවෙලින් ජනතාවම නොමරා මරණවා. ඒ නිසා අපි කල්පනා කාරිව කටයුතු කරන්න ඕනි. අපි දන්නවා ජනාධිපතිවරණය එනවා. අපි දන්නවා දැන් සංශෝධනයක් ගේනවා පාර්ලිමේන්තුවට ව්‍යවස්තාව වෙනස් කිරීමට. ව්‍යවස්ථාව වෙනස් කරන්නට ගේන සංශෝධනය දිනන්න හරි පරදින්න හරි පු`එවන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට විතරයි. තමුන්නාන්සේලාට බැහැ. ජනතාව ඒ බලය අපිට දිලා තියෙන්නේ. ජනතාවට එළියේ ඉදන් කැ කගහන්න පු`එවන්. මේක කරන්න එපා ගමට එන්න එපා කියලා. ඌ ගමට එන්නේ නැහැ. ඌ ලක්ෂ පන්දහක් විතර අරන් රට යනවා. සංශෝධනයට ඡුන්දය දෙනකොට මිලියන පන්සියක් දෙනවා කිව්වොත් ඒකත් අරන් ගමට එයිද. එයා මොකටද ගමට එන්නේ. යුරෝපිට රටක් කියයි අපි පුරවැසි භාවය දෙන්නම් කියලා අර මිලිය පන්දහත් අරන් ඌ යනවා රට. ඉතිං දරු පවුලත් එක්ක ගිහිල්ලා රට ඉන්නවා. ආයේ මොකටද ගමට එන්නේ. දැන් පහුගිය කාලේ ගියේ නැද්ද. සල්ලි වලට ගියේ නැද්ද. ජනතාවගේ ඡුන්දය අරන් මේ මෑත කාලයේ 113 පෙන්වන්න මිලියන විසි පහට මිලියන තිහට ගියේ නැද්ද. ලක්ෂ තුන්දහක් අරන් ගියා. මම කියන්නේ ඒකයි. මන්ත‍්‍රිකම කියන්නේ බිස්නස් එකක්. ඕනෑම වේලාවක මම දැන් හිතන්නේ මම වටිනා ලක්ෂ පන්දාහක් විතර. ඇයි මගෙ කට වහන්න පු`එවන්නේ එතකොට. අනෙක් අය වටින්නේ ලක්ෂ දෙදහස් පන්සියක් නම් මාව වටිනවා ලක්ෂ පන්දාහක් යැයිද මන්ත‍්‍රිවරයා වැඩිුරටත් පැවසිය. වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක  
 

More News..