brand logo

ලක්ෂ දෙකකට වඩා වටින භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

30 December 2018

වැලිමඩ මාදෝවිට ප‍්‍රදේශයේ විහාරස්ථානයක් සහ නිවාස කිහිපයක ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී සැකකරු සොරකම් කරන ලද විවිධ පුද්ගලයින්හට අලෙවිකල හෝම් තියේටර් , වල් කපන යන්ත‍්‍ර , කෘෂි රසායන ඉසින යාන්ත‍්‍රික මැෂීන් , ඞීවිඩි යන්ත‍්‍රයක් ඇතුඑ රුපියල් ලක්ෂ දෙකකට අධික භාණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් වැලිමඩ මාදෝවිට ප‍්‍රදේශයේම පදිංචි 30 ( තිස් හැවිරිදි ) සැකකරු තදින් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වු අයෙකු බව මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිව තිබේ. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂ අබේරත්න , පො:සැ: 5395 සේනාරත්න , පො:කො: 1751 පේ‍්‍රමලාල් , පො:කො: 79751 අසංක , පො:කො: 13367 ජයසුන්දර යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කල අතර වැඩි දුර විමර්ශණ සිදුකරති. සැකකරු වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිමඩ පේ‍්‍රමලාල් රත්නායක
 

More News..