brand logo

ලක්ෂ ගණන් වැටුප්ගන්න ශ්‍රීලන්කන් ලොක්කන්ගේ පැටිකිරිය හොයයි

21 November 2020

රුපියල් මිලියන ගණනින් ඉහළ වැටුප් ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වයේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සොයා බලන සමීක්ෂණයක් ඇරැඹීමත් සමග ඇතැම් ඉහළ නිලධාරීන් තිගැස්මකට ලක්ව ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය මගින් මෙම 25 වැනිදාට පෙර මෙම වාර්තා රහසිගතව කැඳවීමට උපදෙස් දී තිබේ. තනතුරු සඳහා සුදුසුකම් නැති දේශපාලන පත්වීම් මත සිටින ඉහළ වැටුප් ලබන නිලධාරීන් මෙම සමීක්ෂණය නිසා බියට පත්ව සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේය. රුපියල් මිලියන දහයට වඩා වැටුප් ලබන දෙසියයක් පමණ සිටින බවත් ජනාධිපතිවරයා පත් වූ විගස ඉහළ වැටුප රුපියල් ලක්ෂ දෙකකට සීමා කරන බව දැන්වූවත් කොවිඩ් නිසා සියල්ල මෙහෙයුම් නැවතී ඇති තත්ත්වයක් මතවත් එවැන්නක් සිදු වී නැතැයි සේවකයන් ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකන් සේවකයන්ගේ පසුගිය මාස වැටුප ගෙවීමට බැංකු ණයක් ලබා ගැනීමටද සිදු විය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..