brand logo

ලක්ෂ අටක හෙරොයින් ගුද මාර්ගයේ සඟවාගෙන ඇවිත්

30 September 2020

  ගුද මාර්ගයේ සඟවාගෙන රුපියල් ලක්ෂ අටක් වටිනා හෙරොයින් මොරටුවේ සිට රැගෙන ගිය සිවුදෙනෙකු වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ සිට හෙරොයින් ග්‍රෑම් හයකුත් මිලිග්‍රෑම් හත්සිය පනහක් වැල්ලවාය දක්වා බස් රථයකින් එසේ හෙරොයින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් විසින් හෙරොයින් පැකට් සීයක් මෙලෙස ගුද මාර්ගයේ සඟවාගෙන ප්‍රවාහනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයට හෙරොයින් බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන ඒ.ටී.එම්. කාඩ් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. කුඩා ඔය සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ඌව කුඩා ඔය පොලිසිය විසින් සිදුකරයි. ජයන්ත විරසේකර-වැල්ලවාය
 

More News..