brand logo

ලක්ෂපාන එකම පවුලේ 6දෙනෙකුට කොවිඩ්

20 May 2021

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ලක්ෂපාන, මොරහේනගම මහපැල්පොළ ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. එම ආසාදිතයින් 06 දෙනා අතර අවුරුදු 2 සහ අවුරුදු 5ක ළමුන් දෙදෙනෙකු ද සිටින බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සඳහන් කරයි. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් වෙයි. එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 06 දෙනා හඳුනාගැනීමට හැකි වු බවත් වාර්තා වේ. එම ආසාදිතයින් පදිංචි නිවසට ආසන්නයේම තවත් ආසාදිතයෙකු ද අද (20) හඳුනා ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පවසයි
 

More News..