brand logo

ලංවිම දිනක පාඩුව කෝටි 26ක්

28 February 2020

කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදි නොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් කෝටි 26ක පාඩුවක් ලබන බව වාර්තා වෙයි. 2016 වර්ෂයේදී මෙම බලාගාරය ඉදිකිරීමට යෝජනා වුවත්, මෙතෙක් බලාගාරය ඉදි කර නොමැත. මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙමගින් එක් කිරීමට නියමිතව ඇත. මෙම බලාගාරය ඉදිකර තිබුණේ නම් විදුලි බලය හදිසියේ මිලදී ගැනීමේ අවශ්‍යතාවක්ද පැන නොනගින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීහු එක්ව සිටියහ. කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් මත ගැටුම් පැවැති අතර ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් එය නතර විය. මෙම බලාගාරය ඉදි කිරීමෙන් පසු විදුලි බිලද අඩු කිරීමේ හැකියාව ඇතැයි පැවසේ. විදුලි ඒකයක් රුපියල් හතකට මෙහිදී නිෂ්පාදනය කළ හැකි බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. උදයජීව ඒකනායක
 

More News..