brand logo

ලංවිම තෙල් සංස්ථාවට බිලියන 83 නිසා තෙල් දීම නතර කිරීමේ සැලසුමක්

04 January 2020

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබාගෙන ඇති ඉන්ධන සඳහා ගෙවීමට ඇති බිලියන 83 ක මුදල ලබා නොදීම නිසා පසුගිය සතියේ සිට ඉන්ධන ලබා දීම නතර කිරීමට තෙල් සංස්ථාව ගත් තීරණය විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මැදිහත් වී නවතාලීමට ක්‍රියා කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් තෙල් සංස්ථාවට ලැබීමට නියමිත රුපියල් බිලියන 83 න් රුපියල් මිලියන 400 ක මුදලක් පසුගිය සතියේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබා දී ඇතත් එම මුදලින් සියයට අසූවක්ම අඩුකර ඇත්තේ හිඟ මුදල් ලැබීමට ප්‍රමාදය නිසා ඊට පොලී වශයෙන් බව වාර්තා වේ. මෙම හේතුව නිසා ගෙවීමට ඇති හිඟ සම්පූර්ණ මුදල අඩු නොවන බව සේවකයෝ පවසති. චමින්ද සේනාරත්න
 

More News..