brand logo

ලංවිමය මහබැංකු වංචාවටත් වඩා වැඩි වංචාවක් කරලා - එෆ්.සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

17 May 2019

‘ඇඹිලිපිටිය ඒස්’ නමැති පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලට ගැනීමේ දී පසුගිය අවුරුදු 3 සඳහා රජයට රුපියල් බිලියන 12 ක පාඩුවක් සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙය පසුගියදා ආන්දෝලනයට තුඩු දුන් ‘මංහබැංකු වංචාවේ’ දී රජයට අත් වූ පාඩුවටත් වඩා විශාල වේ. 2017 සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය ‘ඇඹිලිපිටිය ඒස්’ නමැති පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදීගනිමින් සිටින අතර, එම ගනුදෙනුව සිදුවී 2009 විදුලිබල පනත ද උල්ලංඝනය කරමින්, නිසි ටෙන්ඩර් පටිපාටියකින් ද තොරව ය. රුපියල් මිලියන 2365කට ‘ඇඹිලිපිටිය ඒස්’ නමැති පෞද්ගලික බලාගාරය රජයට මිළදී ගැනීමට 2016 දී ‘කැබිනට් අනුමැතියක්’ පවා හිමි වී තිබූ අතර, ලං.වි.ම. බලාධිකාරිය එය නොතකමින් 2021 දක්වා ඔවුන්ගෙන් විදුලිය මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබුණි. එම ගිවිසුම අනුව 2021 වන විට රජය විසින් ‘ඇඹිලිපිටිය ඒස්’ වෙත ගෙවිය යුතු මුළු මුදල එය මිලදී ගැනීමට තක්සේරු කළ මුදල මෙන් ‘දෙගුණයකටත්’ වඩා වැඩි වනු ඇත. පසුගියදා ‘එෆ්.සී.අයි.ඩී.’යට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු අතර, එය සිදුකර තිබුණේ, ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසිනි. - සුරේඛා සමරසේන
 

More News..