brand logo

ලංගම හා පෞද්ගලික බස්සේවා ඒකාබද්ද වෙයි

30 November 2020

පාසල් හා කාර්යාල සේවා ආරම්භයත් සමග ධාවනය වන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් එක්ව ඒකාබද්ධ බස් ධාවනයක් කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන්කර තිබෙනවා. හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සාමාන්‍ය බස් ධාවනය සිදුවන බවද සභාපතිවරයා සඳහන් කර තිබේ. කොළඹදී පෞද්ගලික බස් රථ හිමියන් සමඟ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කර ඇත. එසේම බස්රථ හිමියන් දිගින් දිගටම බස් රථ ධාවනය නොකරන්නේ නම් ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කර ඇත. තවද බස්රථ 2000ට වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාත තුළ ධාවනය කිරීමට කටයුතු යොදා තිබුන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබේ.
 

More News..