brand logo

ලංගම සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන්

13 June 2019

ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සිය ඉල්ලීම් වලට විසඳුම් මාසයක් තුළ ලබාදෙන බවට ලබාදුන් එකගතාවය මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බව ජාතික සේවක සංගමයේ උපලේකම් ප්‍රකාශ කළේය.
 

More News..