brand logo

ලංගම සභාපති ගැන ඇමැති මහින්ද ජනපතිට කියයි

25 January 2020

ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යාංශය විසින් පවත්වන රැස්වීම මග හැරීමසහ ගමනාගමන මණ්ඩලයේ විනය විරෝධී ක්‍රියා නතර කිරීමට අපොහොසත් වීමබස් රථ ධාවනය වැඩිදියුණු කිරීමේ නියෝග මග හැරීම යන චෝදනා සභාපතිවරයාට එරෙහිව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සභාපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ හොත් එම තනතුර සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියකු පත් කිරීමටද අමාත්‍යවරයා තීරණය කර ඇත.

ඇතැම් ඩිපෝවල වෘත්තිය සමිති නායකයන්ට පහරදීමඩිපෝ අධිකාරිවරුන් පලවා හැරීම් වැනි සිදුවීම් වාර්තා වී තිබේ. මෙවැනි විනය විරෝධී ක්‍රියා නතර කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යංශය සභාපතිවරයාට දැනුම් දී ඇතත්එවැනි ක්‍රියා තවමත් සිදු වන වාර්තා වී ඇත. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 6000ක් පමණ තිබේ. නමුත් දෛනිකව ධාවනය වන්නේ බස් රථ 5300ක් පමණි. මෙම බස් රථ වල යෝග්‍යතාව පිළිබඳව පරීක්ෂා කර බලා අමාත්‍යාංශයට යොමු කරන ලෙස සභාපතිවරයාට දැනුම් දී ඇත. නමුත් ඒ පිළිබඳව මෙතෙක් සොයා බැලීමක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයාට වාර්තා වී තිබේ.

උදයජීව ඒකනායක

 

More News..