brand logo

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

26 February 2019

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාළ ලිපිය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේට ලබාදුන් බව වාර්තා වේ. පෞද්ගලික හේතුවක් මත පදනම්ව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ගමනාගමන මණ්ඩල සභාපති රමල් සිරිවර්ධන සඳහන් කරන අතර පසුගිය දින කිහිපය තුළ දී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අතර මත භේදකාරී තත්ත්වයක් හට ගැනුණු බවට වාර්තා වීය.
 

More News..