brand logo

ලංගම රියැදුරා Online තාක්ෂණයෙන් කුඩු විකුණලා

15 October 2020

බොටිම් නමැති සන්නිවේදන යෙදවුම භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූනු ලංගම බස්රථ රියැදුරකු ඇතුළු තිදෙනෙකු මට්ටක්කුලිය මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (14) සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ලංගම බස්රථ රියැදුරු වැලිසර ඩිපෝවට අනුයුක්තව ව සේවය කළ අයෙකි. ගම්පෙල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දරුවකුද මෙම පිරිස අතර සිටින බව විමර්ශන වලදී හෙළි වී තිබේ. සැකකරුවන් සතුව තිබී හෙරෙයින් ග්‍රැම් දෙකයි මිලිග්‍රෑම් 380, ජංගම දුරකථන 4ක්, බැංකු කාර්ඩ් පත් කිහිපයක්, ත්‍රිිරෝද රථයක් කාර් රථයක් පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඉන්දියාවේ සැගව සිටින සුරේෂ් නොහොත් රංගන් නැමැත්තා බවටද විමර්ශන වලදී කරුණු හෙළි වී තිබේ. හේමන්ත ලියනපතිරණ
 

More News..