brand logo

ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් හයකට කොවිඩ්

26 January 2021

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් තණමල්විල ඩිපෝවේ සේවකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සෙසු සේවකයින් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටි ඇති බව ඩිපෝ කළමනාකාරවරයා සදහන් කරයි. රියදුරන් තිදෙනෙකුට සහ කොන්දොස්තරවරු තිදෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත. පසුගිය 21 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මේ බව තහවුරු වූ බව හම්බෙගමුව මහජන සෙ$ඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි. අනතුරුව තණමල්විල ඩිපෝවේ සේවකයින් 103දෙනෙකු ද ඊයේ (25) පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. මෙම තත්ත්වය මත තණමල්විල ලංගම ඩිපෝවෙන් ධාවනය වන සියලුම බස් රථ ධාවනය නොවන බව ඩිපෝ කළමනාකාරවරයා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..