brand logo

ලංගමයේ වර්ජනයේ නිරිත සේවකයින් අර්ජුන සමඟ සාකච්ඡාවක

13 June 2019

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් වර්ජනයේ නිරත සේවකයින් සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන් බව වාර්තා වෙයි. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල ලේකම් රංජිත් විජේසිරි මහතා සඳහන් කළේ තම සමාජිකයින්ට ලබාදුන් උසස් වීම් 5100 ට අදාළ වැටුප් වැඩි කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කල බවයි. අද සාකච්ඡාවේදී ඔවුන්ට නිශ්චිත විසඳුමක් නොලැබුනොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කළේය.
 

More News..