brand logo

ලංකා ලොජිස්ටික් ආයතනය වසා දැමීමට කැබිනට් තීන්දුවක්

24 August 2018

ත‍්‍රිවිධ හමුදාවට අවශ්‍ය අවි ආයුධ හා උපකරණ මිලදී ගැනීමට පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද,ආරක්ෂක අමාත්‍යංශයට අයත්ලංකා ලොජිස්ටික් ආයතනය එලඹෙන දෙසැම්බර් 31 වෙනිදාවන විට වසා දැමීමට එම අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව දැනට ඇනවුම් කර ඇති අවි ආයුධ සහ උපකරණ එම කාලය තුළදී මිලදී ගෙන අවසන් කිරීමටත් එම ආයතනයට අනුයුක්ත කර සිටින සේවකයින් ඔවුන්ගේ මුල් පත්වීම් හිමි සේවා ස්ථානවලට අනුයුක්ත කිරීමටත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ලංකා ලොජිස්ටික් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ලියනගේ මහතාගෙන් ‘‘අරුණ’’ කළ විමසීමේදී ඔහු පැවසුවේ ආදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි තමාට දැනගන්නටලැබී ඇති බවයි.
 

More News..