brand logo

ලංකා බැංකුව පානදුර ශාඛාව නව නිවහනකට

02 January 2021

පානදුර පුරවරයේ ජනතාවට වැඩි ඉඩපහසුකම්වලින් හෙබි වටපිටාවක බැංකු කටයුතු ඉටු කර ගැනීමට ඩිජිටල් බැංකුකරණයේ පහසුවත් සමගින් පානදුර නගර ශාඛාව නො. 17, ජයතිලක මාවත, පානදුර යන ලිපිනයෙහි පසුගියදා නව නිවහනක ස්ථාපිත විය. මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර යන මහත්වරුන් ඇතුළුව ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීන්, ශාඛා කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ. ප්‍රදේශයේ ගනුදෙනුකාර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා මහත් මෙහෙයක් ඉටු කරන පානදුර නගර ශාඛාව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ගනුදෙනු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කරමින් නූතන ඩිජිටල් බැංකුකරණ සංකල්පයන් හා අනුගත වෙමින් නව නිවහනක ප්‍රතිස්ථාපනය වීම සැබැවින්ම ගනුදෙනුකරුවන්ට නවමු අත්දැකීමක් වනු ඇත. සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත - දකුණ) ඩබ්.කේ.එල්.බී.එන් සමන්ති මහත්මිය සහ බස්නාහිර පළාත් දකුණ කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා නොමඳ දායකත්වයක් ලබාදුණි. සාමාන්‍ය ඉතුරුම්/ජංගම ගිණුම්/ස්ථාවර තැන්පතු, ආයෝජන සැලසුම් ආරම්භ කිරීමට මෙන්ම නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ලීසිං පහසුකම්, උකස් සේවා සහ විවිධ ණය යෝජනා ක්‍රමයන්ද ඇතුළුව ‘දිවි උදාන’ සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගැනීමටද මෙම ශාඛාවෙන් ඉඩකඩ සලසා ඇත.
 

More News..