brand logo

ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් දැනුම්දීමක්

24 September 2022

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සොයා ගැනීම අපහසුයි

නියමිත ප්‍රමිතියන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න පැවසුවේ එම නිෂ්පාදන සමග ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගත් බඩඉරිඟු තොගයේ ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ද යොමු කරන බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති ප්‍රතිශතයන්ට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සොයා ගැනීමට අපහසු වී ඇති බව ඔහු පැවසීය. මේ අතර, ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය නිසි ප්‍රමාණයට ඉක්මවා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.
 

More News..