brand logo

ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක - පොලිසියෙන් ජල ප්‍රහාර

28 February 2019

ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. විරෝධතාකරුවෝ පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය අසළට පැමිණි අතර එම විරෝධතාවයට ජල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි. ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස 30ක හිඟ වැටුප් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශය දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත.
 

More News..