brand logo

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයාට එරෙහිව වතුකරයේ විරෝධතා

12 December 2018

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාට විරෝධය දක්වමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණා. වතුකරයේ සේවය කරන තමන්ට දිනකට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා තමන්ට වැඩ වර්ජනයක් සිදු කරන ලෙසට උපදෙස් දි රු 1000 ක මුලික වැටුපක් ලබානොදි අද දින යලිත් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දුන් බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ. තමන්ට රු 1000 ක මුලික වැටුප ලබාදෙන තෙක් තමන් සේවයට වාර්තා නොකරන බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ. මස්කෙලිය සාමිමලේ සහ දික්ඔය ටිලරි ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් මෙසේ විරෝධතාවයේ නියැලි සිටියා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයින් ඊයේ (11) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යයාලයේදි පැවති සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මේ මස 19 වන දින වතු සමාගම් සමග සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු විම හමුවේ හා ජනාධිපතිවරයා විසින් වැඩ වර්ජනය අවසන් කරන ලෙසට ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් කල ඉල්ලිමක් මත වැඩ වර්ජනය අත්හැර යලිත් අද දින සේවයට වාර්තා කරන ලෙස ආරුමුගන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලිමක් කර තිබුණි. එම ඉල්ලිම අනුව අද දින වතු කම්කරුවන් සුළු පිරිසක් සේවයට වාර්තා කර තිබු බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..