brand logo

ලංකාව මුහුණ දෙන සමාජභාවය සහ සංවර්ධනය සම්බන්ධ ගැටලු ගැන සාකච්ඡාවක්

14 February 2020

ලෝක බැංකු සමූහයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය වන කැරන් ග්‍රවුන් මහත්මිය ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලය,ලෝක බැංකුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව කටයුතු කරන හවුල්කරුවන් පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමුවේ අරමුණ වූයේ සමාජ විෂමතාවයන් තුල කාන්තා හිංසනය, පුරුෂ හිංසනය, ළමා හිංසනය වැනි කායික හා මානසික හිංසනයන් මගහරවා ගැනිම සහ දැනට ශ්‍රී ලංකාව තුල ඊට අදාලව ක්‍රියාත්මක වැඩසටහන් සහ වැඩපිළිවල සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව මුහුණ දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධනය සම්බන්ධ ගැටලු හා අභියෝග පිළිබදව කරුණු සාකච්ඡා කිරීම හා සංවර්ධන හවුල්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව දැනටමත් ක්‍රියාත්මක කර ඇති විසදුම් සහ වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීමත්ය. ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන ආර්ථීක පිරිවැය, ළමාරක්ෂක සේවා සැපයීම, ඵලදායි රැකියාවක නිරත ස්ත්‍රීන් සහ පුරුෂයින් මුහුණ දෙන ගැටලු විසදීම සදහා බහු ආංශික ප්‍රවේශයන් හී අවශ්‍යතාවය සහ සෞඛ්‍ය අධ්‍යාපනය, ශ්‍රමය සහ අනෙකුත් අංශ සමග සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. හිංසනයන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පරිවාස දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය යන ආයතනවලට යොමු ව නැගී සිටින්නට ගත යුතු පියවර, ක්‍රියා කළ යුතු ආකාරය හා වෛද්‍ය පහසුකම් ලබාගන්නා ආකාරය, තමන්ට සිදු වුන ආසාධාරණය ගැන හඩක් නගන්නට ඉහත අංශ හරහා තවත් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ආකාරය පිළිබදව ද මෙහිදී දැනුවත් කෙරිනි. මෙම හමුව සමාජ විෂමතාවයන් තුල කාන්තා, පුරුෂ, ළමා හිංසනය ඇතුලු කායික හා මානසික හිංසනයන් මගහරවා ගැනිමට ලෝක බැංකුව සමග එක්ව නිවැරදි පිළිතුරක් ලබාදීමට ශ්‍රී ලංකා රජයට ලැබුණු හොද අවස්ථාවක් බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන් අතර, හිංසනය අවම කර ගැනීම සදහා ලෝක බැංකුව විශාල උනන්දුවක් දක්වන බවත්, එහිදි ශ්‍රී ලංකා රජයට සහ ඊට සම්බන්ධ අමාත්‍යාංශ සහ ආයතනවලට මූල්‍යමය ආධාර ඇතුලුව අවශ්‍ය සහයෝගය ලබාදීමටත් ඔවුන් කටයුතු කරන්න සුදානම් බව එම නියෝජිතයින් පැවැසූ බව ද අමාත්‍යවරිය පැවැසීය. ශ්‍රී ලංකා රජය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුලු ආයතන ස්ත්‍රී, පුරුෂ හා ළමා හිංසනයන් අවම කිරීමට අන පනත් පවා ගෙන එමින් විශාල වැඩකොටසක් මේ වනවිටත් දියත් කර ඇති බවත්, නමුත් එය සමාජ ගත කිරීමේ දී නොයෙක් ගැටලු පවතින බවත්, එය සවිබලගැන්වීම සදහා ද මෙය හොද අවස්ථාවක් කරගන්නා බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.  
 

More News..