ලංකාව කෝවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි
30 November 2020
ලංකාව කෝවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි
30 November 2020
ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention - CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කරයි.
එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19 ඉතා ඉහළ මට්ටමේ’ ඇති රටවල් අතරින් එකක් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත.
කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.
එම දැනුම්දීමට අනුව, ඔවුන් තෝරාගත් රටවල් වල කොවිඩ්-19,
4 වන මට්ටම - ඉතා ඉහළ ලෙසත්
3 වන මට්ටම - ඉහළ ලෙසත්
2 වන මට්ටම - මධ්‍යස්ථ ලෙසත්
1 වන මට්ටම - අඩු හා වාර්තා නොවූ ලෙසත් වර්ගීකරණය කර ඇත.
CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලායන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.
“සංචාරකයින් ශ්‍රී ලංකාව බලා යන සියලු ගමන් අත්හිටුවිය යුතුයි. ඔබගේ සංචාරය අත්‍යාවශ්‍ය එකක් නම් පමණක්, විශේෂයෙන් ඔබට කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, සංචාරය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.
ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර හා නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර, දින 1 - 3 අතර කාලයේදී වෛරස පරීක්‍ෂාවක් සිදුකර ගන්න, සංචාරයේ දී ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල වල පිටපතක් ඔබ සමඟ තබාගන්න."
“ඔබේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම් නැවත එක්සත් ජනපදය බලා පැමිණීමෙන් වළකින්න; වහාම ඔබ හුදෙකලා වී මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න." යනුවෙන් CDC ආයතනය නිකුත් කළ නවතම නිවේදන වල දැක්වේ.
CDC ආයතනය විසින් ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ්-19 ‘4 වන මට්ටම: හෙවත් `ඉතා ඉහළ’ කාණ්ඩයට ඇතුළත් කර ඇත.
බාබඩෝස්, මොරිෂස්, සීෂෙල්ස් සහ දකුණු කොරියාව වැනි රටවල් ‘දෙවන මට්ටම : මධ්‍යස්ථ’ කාණ්ඩයට ඇතුළත් කර තිබේ.
ඕස්ට්‍රේලියාව, කාම්බෝජය, චීනය, ෆීජි, හොංකොං, ලාඕසය, මොන්ගෝලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය සහ තවත් රටවල් කිහිපයක් ‘මට්ටම 1: අඩු’ අවදානම් රටවල් ලෙසද එම ආයතනය වර්ගීකරණය කර ඇත.
CDC ආයතනය විසින් වර්ගීකරණය කරන ලද සම්පූර්ණ රටවල් ලැයිස්තුව පහතින් දැක්වේ.
4 වන මට්ටම: ඉතා ඉහළයි (Very High)- සංචාරකයින් මෙම රටවල් වෙත සංචාරය කිරීමෙන් වැළකිය යුතුය.
- සංචාරකයින් පහත සඳහන් රටවල් වෙත අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වැළකී සිටිය යුතුය. (මෙම කාණ්ඩයට මේ වනතෙක් කිසිදු රටක් ඇතුලත් කර නොමැත.)
- කොවිඩ්-19 හේතුවෙන් දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් පහත සඳහන් රටවල් වෙත යන අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරිය යුතුය.
- සියලුම සංචාරකයින් මුව ආවරණ පැළඳිය යුතුය, ඔබේ නිවැසියන් නොවන පුද්ගලයින්ගෙන් අවම වශයෙන් අඩි 6 ක් වත් ඈතින් සිටිය යුතුය, නිතරම අත් සේදීම හෝ දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීම කළ යුතු අතර රෝග ලක්ෂණ පිළිබදව සැලකිලිමත්ව සිටිය යුතුය.
- මෙම රටවල් කොවිඩ්-19 දත්ත වාර්තා කර නොමැති අතර අවදානම නොදන්නා නිසා සංචාරකයින් පහත සඳහන් ගමනාන්ත වෙත අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරීම සුදුසු වේ.