brand logo

ලංකාව ඇතුළු රටවල් 11කට ජපානයට පැමිණීම තහනම්

14 January 2021

      ශ්‍රී ලංකාව ද ඇතුලත්ව ආසියානු කලාපයේ රටවල් 11කට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර ඇත. කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපතති වල ඇති වූ වෙනසක් මත එම තහනම පනවා තිබේ. තහනම බලපැවැත්වෙන රටවල් වන්නේ ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල් කිහිපය කටයි. එසේම ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද මෙම තහනම ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31තෙක් බල නොපාන බව සඳහන් වනවා. ලක්ෂ 03කට පමණ ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ජපානයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 4,000කට වැඩි පිරිසක් බව සඳහන් වී ඇත.
 

More News..