brand logo

ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කුවේටයට ඇතුළු වීම තහනම්

11 May 2021

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකින් පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා මෙම තහනම බල නොපැවෙත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එමෙන් ම, අදාළ රටවල පදිංචිකරුවන් කුවේටයට යාමට පෙර තුන්වන රටක දින 14 ක් ගත කළ යුතු බව ද ඔවුන් දන්වා සිටියි
 

More News..