brand logo

ලංකාවේ හෝටල් තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි

13 June 2019

ශ්‍රී ලංකාවේ හෝටල් තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි. කොළඹ ඊයේ (12දා) පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඔහු ප්‍රකාශ කළේ ''අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති බව. මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා. මේ තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ශනය කර ගැනීමට එක් අවස්ථාවක් බව ප්‍රකාශ කළේය''
 

More News..