brand logo

ලංකාවේ සුභාෂිනී ඉන්දියාවේ දී ශාශ්වී බාලා වෙයි

02 June 2020

වසර ගණනාවක් රූපවාහිනී සහ ගුවන් විදුලි දමිළ නිවේදිකාවක් වූ සුභාෂිණි බාලසුබ්බ්‍රමනියම්ගේ ඉරණම් ගමන වෙනස් වෙන්නෙ අසෝක හඳගමගේ ඉනිඅවන් චිත්‍රපටයෙන් පසු. සම්මාන උළෙලවල් රැසක නිර්දේශිත නාමයන් අතරට එන්නත් සුභාෂිණීට පළමු සිනමා නිර්මාණයෙන්ම වාසනව උදා වුණා. ඉන් පසුවත් ඇය පුංචි තිරය හරහා රංගන ශිල්පිණියක් ලෙස සිය රංග කුසලතාව විදහා දක්වන්නට සමත් වුණා. ඉන්ද නොනැවතුණ ඇය මේ වෙද්දී ඉන්දීය දමිළ සහ තෙලිඟු සිනමාවට සම්බන්ධ වී තියෙනවා. ඒ ඇය සුභාෂිණී බාලසුබ්බ්‍රමනියම් ලෙස නොව ශාශ්වි බාලා නමින්... දැන් කොහෙද ඉන්නේ... මේ දවස්වල නම් චෙන්නායිවල ඉන්නෙ. ඇත්තටම කියනවා නම් ලංකාවට එන්න බැරුව ඉන්නෙ. මොකද මම මාර්තු අග ලංකාවට එන්න හිටියේ. ඒත් මේ හදිසියේ ව්‍යාප්ත වූ කොරෝනා උවදුර නිසා ගුවන්තොටුපළවල් වහන්න සිද්ධ වීමත් එක්කම මටත් ලංකාවට එන්න බැරි තත්ත්වක් තියෙන නිසා චෙන්නායිවලම නතර වෙන්න වුණා. ඉන්දියාවට ගියාට පස්සෙ ඇයි නම වෙනස් කළේ... මගේ වුවමනාවට නෙවෙයි නම වෙනස් කළේ. රවුත ෆිල්ම්ස් තමයි මගේ පළමු ෆිල්ම් එක නිෂ්පාදනය කළේ. රවුත ප්‍රඩක්ෂන් කියන්නේ ඉන්දියාවේ ප්‍රචලිත සිනමා නිෂ්පාදන ආයතනයක්. මේ වෙද්දිත් චිත්‍රපට 56කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. දෙමළ, කණ්නඩා, මලයාලම්, හින්දි වැනි හැම භාෂාවකින්ම චිත්‍රපට කරලා තියෙනවා. ඔවුන් තමා මට කිව්වෙ සුභාෂිණී කියන නම ටිකක් කොමන් නමක් සහ ඒ නමින් මීට කළින් රංගන ශිල්පිනියන් ඉඳලා තියෙන නිසා අපි නම වෙනස් කරමු කියලා. එතකොට ශාශ්වි බාලා කියන නම දැම්මෙ කවුද? එයාල මට නම් කිහිපයක් දුන්නා. ඒ අතරින් මම තමා මේ ශාශ්වි කියන නම තෝරා ගත්තේ. මොකද ශාශ්වි කියන්නෙ සරස්වතී දේවියට කියන නමක්. කලාවට අධිපති දේවිය නිසා මම ඒකට එකඟ වුණා. ඒ එක්කම මම ඉල්ලීමක් කළා මගෙ තාත්තාගෙ නමේ කොටසක් හරි තියෙන්න ඕනේ කියලා. ඒ අනුව තමා ශාශ්වි බාලා කියන නම භාවිත කරන්න ගත්තේ. ඉන්දීය මුල්ම නිර්මාණය මොකක් ද ? මට මුලින්ම අවස්ථාව ලැබුණේ මීට ගොඩක් කාලෙකට කලින්. පොන්වීන් චෙල්වම් කියලා ටෙලි ෆිල්ම් එකකට. ඒක මහාභාරතය, රාමායණය වගේ කතාවක්. ඒ ටෙලි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්න හිටියේ රැජිනි කාන්ත්ගේ දුව. ඒ හරියටම කියනවානම් මීට අවුරුදු දෙකහමාරකට කළින්. ඒ සඳහා තමා මම ඉස්සෙල්ලාම ඉන්දියාවට ආවේ. නමුත් ඒ ටෙලි නිර්මාණය එක දිගටම කෙරුණේ නැහැ. නිෂ්පාදන ආයතනයේ පෞද්ගලික හේතුවක් මත අතරමග නතර කෙරුණා. චිත්‍රපටයක් විදියට මුල්ම කාලේ EMIP (හැම දෙයක්ම උඩ ඉන්න කෙනා බලා ගනී කියන එක තමා තේරුම) මේ චිත්‍රපටය කළේ රවුත ෆිල්ම්ස් ආයතනය. රඟපාන්න ඉන්නේ ඉන්නෙ ප්‍රවීණ අය. ආරී තමයි ප්‍රධාන චරිතයට රගපාන්නේ ආරි කියන්නෙ සම්මානිත රංගන ශිල්පියෙක්. ලංකාවෙ චිත්‍රපට සහ ඉන්දීය අතර වෙනස කොහොමද දැනෙන්නේ? මෙහෙමයි ලංකාවෙ චිත්‍රපට කණ්ඩායමට වඩා ලොකු පිරිසක් ඉන්නවා. කාර්මික පැත්ත ගත්තත් එහෙමයි. මුල් කාලෙදී ටිකක් මේකට හුරුවෙන්න අමාරු වුණා. නමුත් ඒ හැමෝම මට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම හැඩගන්වන්න හිටපු අය සහ මට සහයට දෙන්නෙක් දීලා තිබුණා. ඒ අය මට හුඟක් දේවල් කියලා දුන්නා. කොහොමද මේ ඉන්දීය නිර්මාණයට ඔබව තෝරා ගන්නෙ... මෙතනදී මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා ආනන්ද අබේනායක සර්ට. මොකද ස්වර්ණවාහිනීයේ මම කරපු තාරා කියන නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ආනන්ද සර්. ඒකේ මම රඟපෑවේ බබෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඒ චරිතය ඉතා ප්‍රභල චරිතයක්. ඒ නාට්‍යයේ කොටස් තමා මම මේ චිත්‍රපටය සඳහා ඉන්දියාවෙ ඔඩිෂන් එක යැව්වෙ මගේ රඟපෑම දැකලා තමා ඉන්දියාවෙන් කතා කළේ සිංහල සිනමාව තුළ මුලින්ම කැමරාවක් ඉස්සරහ ඉන්නෙ අසෝක හඳගම සර් නිසා. අසෝක සර්ටත් හැමදාම මම ණයගැතියි. මොකද මට කලින් මට රඟපාන්න පුළුවන් කියලා සර් මාව විශ්වාස කළා. ලංකාවේ අලුත් නිර්මාණවලට ආරාධනා නැද්ද ? මේ වෙනකොටත් ලංකාවෙ අලුත් නිර්මාණයකට කතා කරලා තියෙන්නේ. මෑත කාලීනව වෙස්, හේලි කියන නාට්‍ය අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායකගේ අලුත් චිත්‍රපටයට. ඒක ලස්සන තිර රචනයක්. මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒ චරිතය කරන්න. ඉන්දියාවෙන් තව ආරාධනා ආවද? තෙලිඟු ෆිල්ම් එකකට මට කතා කළා. ඒකත් ජුනි මාසේ තමා රූපගත කිරීම්වලට දින තිබ්බේ. ලොක්ඩවුන් එක නිසා එකෙත් දින එහාට ගියා. දැනට අගෝස්තු කරමු කියලා තියෙන්නේ. ඒ වෙද්දී රටේ වාතාවරණය කොහොම වෙයිද කියන්න බෑනේ. තවම ටෙලි නිර්මාණ සහ දෙබස් සංස්කරණයට විතරයි අවසර දීලා තියෙන්නේ. චිත්‍රපට රූගත කිරීම්වලට අවසර දීලා නැහැ. වැඩියෙන්ම කැමති ලංකාවෙ නිර්මාණවලට ද ඉන්දීය නිර්මාණවලට ද ? ලංකාවෙ නිර්මාණවලට කැමතියි. මොකද මම උපන් රටේ නිර්මාණවලට දායක වෙද්දී හිතට දැනෙනවා වැඩියි. මේ වෙද්දී පෙම්වතෙක් ඉන්නව ද ? ඔව්, එයා ලංකාවේ සිංහල කෙනෙක්. දැන් අපේ ආදරයට අවුරුදු හතරකට වැඩියි. පෙම්වතාගෙන් කොහොමද ලැබෙන සහයෝගය මම මෙහෙ ඇවිල්ලා නිදහසේ වැඩ කටයුතු කර ගන්න ලොකුම හයිය එයා. මොකද අද වෙනකම් මට කිසිම බලපෑමක් හෝ තහංචි දාලා නැහැ මේවා කරන්න එපා කියලා. මම සමහර දේවල් එයාගෙන් අහලා තීරණය කරනවා. මොකද එයා දක්ෂයි ඕනේම දෙයක් හොඳ විදියට කරන්න. එයා වගේම එයාගෙ ගෙදර අය මගේ ගෙදර අය කියලා වෙනසක් නැහැ. මේ වෙලාවේ ලංකාවට එන්න තියෙනවා නම් තමා හොඳ. එයාලත් ගොඩක් සතුටුවෙයි. අනූෂා රණසිංහ
 

More News..