brand logo

ලංකාවේ සයිබර් ප්‍රහාරයන් දියත්කරන බවට තොරතුරක්

24 October 2020

කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජලය යොදාගැනීමට දැන් වැඩි නැඹුරුතාවයක් ඇති නිසාවෙන් කුඩා දරුවන් ඉල්ලක කර කරගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ල වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්භන්ධයෙන් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනයේ මෙලෙස සඳහන් වී ඇත. -උපුටා ගැනීම- COVID-19 වයිරස තත්ත්වය යළි මතුවීමත් සමගම පාසල් හා උපකාරක පන්තිවල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය සහ Zoom, WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් නැවතත් සිදුකිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත. දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සඳහා යොමුකිරීම බොහෝමයක් දරුවන් අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට, අධ්‍යාපන කටයුතුවල නිරතවන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ කාලය කා දැමීම වැනි කටයුතු සඳහා යොමුවේ. විශේෂයෙන්ම මෙවැනි කාල පරාසයන් තුළ දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේ දී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතුවිය හැකි හේතුවක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදිය හැකිය. මේ හේතුවෙන් දරුවන් ඉගෙනුම් කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවලදී දරුවන් සිදුකරන්නේ මොනවාදැයි සොයාබැලීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දෙමව්පියන්ට දැනුම් දෙමු. -උපුටා ගැනීම අවසන්-
 

More News..