brand logo

ලංකාවේ වාහන වෙළෙඳපොල ගොඩ ගන්න අත්හදා බැලීමක්

24 September 2021

රියැදුරු සමග 4කට යන්න පුලුවන් වාහනයක් වෙළෙඳපොලට එයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රිරෝද රථය වන වේගා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ. May be an image of ‎outdoors and ‎text that says '‎STX TESTING 22_09 2021 PANNALA RACING CIRCUIT ۔ VEGA INNOVATIONS‎'‎‎ මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවක දී වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසා තිබේ. දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා අඩු මිලකට එය මිල කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි. 2027 වසර වන විට ගෝලීය වශයෙන් මෙය ඩොලර් බිලියන 32 ක කර්මාන්තයක් වන බවත් සිය ඉලක්කය එයින් 10% ක කොටසක් අත්පත් කර ගැනීම බවත් ඔහු සඳහන් කරයි. මෙම ත්‍රිරෝද රථය මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් බව වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි. මෙය සම්පූර්නයෙන් විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථයක් වන අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා මෙය බොහෝ සෙයින් වෙනස් වේ. May be an image of text that says 'Chassis Engineered with Safety in mind ETX Û engineered with you mind. Protection the driver and passengers ina collision one key design criteria, the foundation the ETX. REINFORCED PILLER AND HOOD 000000000000 COLLAPSIBLE STEERING SYSTEM FRONT IMPACT ENERGY ABSORBER FRONT CRASH STRUCTURE REAR CRASH STRUCTURE STEEL FRAME LOW CENTER OF GRAVITY VEGA INNOVATIONS SIDE IMPACT ENERGY ABSORBER PM2022' මෙය එක් ආරෝපණකින් කිලෝමීටර 100 -120 ක් අතර දුරක් ගමන් කළ හැකි අතර මෙහි වහල මත තිබෙන සූර්යකොෂය නිසා නවතා තබන අවස්ථාවක හෝ හිරු රශ්මිය මධ්‍යයයේ ධාවනය කෙරන අවස්ථාවක දී පවා වැඩි බලයක් ලබා ගෙන වැඩි දුරක් ධාවනය කරන්න කළ හැකි බව ඔහු පවසයි. සාමාන්‍ය ත්‍රීරෝද රථයක් මෙන්ම ඉදිරිපස රියැදුරාට අමතරව පසුපස මගීන් තිදෙනෙකුට ගමන් කිරීමට හැක. සාමාන්‍ය ත්‍රිරෝද රථයක පිටුපස භාණ්ඩ දාන්න ස්ථානයක් නොමැති නමුත් මෙහි ඒංජිමක් නොමැතිකමින් පිටුපස ඉඩ ඔක්කොගේම භාණ්ඩ ‌රැගෙන යාමට පුළුවන. "ඇත්තටම මෙය අපි ලංකාවේ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කරන ‌දෙයක් නෙමෙයි. ලංකාව එක් ඉලක්කයක් තමයි. ඒ වුණාට ලෝක වෙළෙඳපොළ බැලුවොත් දැනට 2019 දී ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් මාර්කට් එක ඩොලර් බිලියන 28 ක්. ඒක 2027 වෙනකොට එය ‌ඩොලර් බිලියන 32 ක් බවට ‌පත්වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් ව්‍යාප්ත වෙන ලෝක වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙන රථයක් මේක. අපි හිතමු ඒ වෙළඳපොළෙන් 10% ක් අපි ඉලක්ක කරනවා කියලා, ඒක ඩොලර් බිලියන 3ක්. හැම අවුරුද්දේම ඩොලර් බිලියන 3 ක ව්‍යාපාරයක්." May be an image of text that says 'A Booming Global Electric Vega aims capitalize on this growing global market by producing safe, environmentally friendly, and cost-effective vehicle. e-Wheeler Market Source Û -three SOL 2019 USD 28.62 BILLION 2025 USD 30. 12 BILLION VEGA INNOVATIONS EFIRETEIRAGIMATION 2027 USD 32.65 BILLION ETXPFRM2022 MARKET RESEARCH 2021' https://www.youtube.com/watch?v=U1IUsc23UNE
 

More News..