brand logo

ලංකාවේ වාහන මිල උඩුයටි කුරු වෙයි

15 February 2022

මාර්තු මාසේ වාහන මිල ගණන් එළියට

වාහන ආනයනය නතර කළ දිනයේ පටන් මෙරට ජනතාව වාහන නැවත ආනයනය කරන දිනය පිළිබදව දැඩි උනන්දුවෙන් පසුවේ. ඊ‌ට හේතුවී ඇත්තේ මෙරට භාවිතා කරන ලද වාහනවල මිල ගණන් අධිකවීමයි. කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ පටන් මේ වන විට කිහිපවරකදීම වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ජනතාවට මිලදී ගැනීමට හැකි මට්ටමේ පැවති ඉන්දීය සුසුකි ඇල්ටෝ මෝටර් රථයෙහි මිල මේ වන විට රුපියල් ලක්ෂ 40ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම භාවිතා කරන ලද සුසුකි වැගන් ආර් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 60 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස මෝටර් රථ මිල ගණන් ඉහළ ගියද, ඒවාට භාවිතා කරන ඉන්ධන හෙවත් පෙට්ට්‍රල් මිලෙහි අඩුවක් නම් දක්නට නොමැත.

ලංකා IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184ක් වන අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ - සිපෙට්කො ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් වේ.

ඉදිරියේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ - සිපෙට්කො ඉන්ධන පිරවුම්හල්වල ද ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙවැනි පසුබිමක මෙරට ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිලෙහි ද අඩුවක් නොමැත. මෙරට තුළ වැඩිවශයෙන් භාවිතා වන නිශාන් ලීෆ් මෝටර් රථයක මිල ලක්ෂ 25ත් 30ත් අතර මිල ගණන් වලට අලෙවි වේ. කෙසේ වෙතත් වාහන ආනයනයකරුවන් සදහන් කරන්නේ වාහන ආනයනය කරන තෙක් මෙරට තුළ භාවිතා කළ මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි. පහතින් දැක්වෙන්නේ 2022 පෙබරවාරි - මාර්තු මස වන විට මෝටර් රථ මිල පහතින්...

සුසුකී ඇල්ටෝ - රුපියල් ලක්ෂ 35ත් 40ත් අතර සුසුකී වැගන් ආර් - රුපියල් ලක්ෂ 55ත් 60ත් අතර ටොයෝටා විට්ස් - රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර ටොයෝටා ප්‍රිමියෝ - රුපියල් කෝටි 1.5ත් - කෝටි 2ත් අතර ටොයෝටා කොරොල්ලා - රුපියල් ලක්ෂ 50ත් 55ත් අතර ටොයෝටා ඇක්වා - රුපියල් ලක්ෂ 60ත් 65ත් අතර මයික්‍රෝ පැන්ඩා - රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර ටොයෝටා ඇලියන් - රුපියල් ලක්ෂ 75ත් 80ත් අතර

 

More News..