brand logo

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10000ක් වාර්තා වෙනවා

30 November 2020

මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි. ලංකාවේ වසරකට ළමා අපයෝජන 10000ක් පමණ දිස්ත්‍රික්ක 25න් ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මොණරාගල, පොළොන්නරුව අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධින් විශාල වශයෙන් වාර්තා අතර වසරකට මොණරාගල දිස්ත්‍රික්කය තුළ ළමුන් 500 දෙනෙකු පමණ ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බව ඒ මහතා පවසයි. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමුන් 10 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..