brand logo

ලංකාවේ රූ රැජින වූ ලාබාලම තරුණිය

19 January 2021

17 හැවිරිදි ශෙන්යා විජේරත්න 2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ හිමිකර ගත්තාය. පිළියන්දල හැඩිගම පදිංචි ඇය කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලේ ආදි සිසුවියකි. තරගකාරියන් තුන්දහස් පන්සියයක් අතුරින් අවසන් දොළොස් දෙනා අතරට පත් වීමට සමත් වූ මෙම දහහත් හැවිරිදි යුවතියට කිරුළු පැලඳවීමේ අවසන් උත්සවය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. සිය ජයග්‍රහණය පිළිබඳ ‘අරුණ’ට අදහස් දැක් වූ ශෙන්යා විජේරත්න මෙසේ පැවසුවාය. “මෙම රූ රැජින තරගය සඳහා වීඩියෝ තාක්ෂණය මගින් විනිශ්චය මණ්ඩලයක් සමග සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. පසුව ඔවුන්ගේ කැඳවීමකට අනුව මා ඉදිරිපත් වුණා. නොහිතපු විදිහට ඒ අනුව මා තෝරාගත් බව දැනුම් දීමක් කළා. විශාල තරග වට ප්‍රමාණාකින් අනතුරුව අවසන් 12 දෙනා අතරට එන්නට හැකියාව ලැබුණා. පසුව එම 12 දෙනාගෙන් 10 දෙනෙක් තෝරාගත් අතර ඊටද මා ද තේරී පත් වුණා. පසුව තෝරපු දස දෙනාටත් පස් දෙනාටත් මා එක්වුණා. 17 වැනිදා අවසන් තිදෙනා අතරට තේරී ප්‍රථම ස්ථානය ලැබුවා. කිරුළු පැලඳීමේ උත්සවය පවත්වන අතර කොරෝනා තත්ත්වය මත උත්සව ආකාරයෙන් පැවැත්වීම බාධාවක් නිසා ඉදිරි දිනක එය පවත්වන බව සංවිධායකවරුන් දැනුම් දුන්නා” යැයි ශෙන්යා විජේරත්න පැවසුවාය. ඇයගේ අනාගත බලාපොරොත්තුව මීළඟ ආසියානු රූ රැජින තරගයට ඉදිරිපත් වීමටත්, එයින් රටට කීර්තියක් ඇති කර දීමටත්, නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමටත් බලාපොරොත්තු ඇය මෙතෙක් දුර පැමිණීමේදී දෙමව්පියන්, නෑදෑ හිතවතුන්, තරිඳු ලක්ෂාන් සහ වෙනුර කාවින්ද යන අය දුන් සහයෝගය විශේෂයෙන් මතක් කරසිටී. එතෙක් මෙතෙක් පැවැති රූ රැජින තරගාවලියකදී වයස අවුරුදු 17 ක තරුණියක් රූ රැජින වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවද අනාවරණය වේ. ‘අරුණ’ පුවත්පත ඇතුළු දෙරණ මාධ්‍ය ජාලය මේ තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන ලදී. දර්ශාන් කනීල් - මොරටුව
 

More News..