brand logo

ලංකාවේ මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරට

13 February 2019

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය (11) දා ත්‍රෛනිකායික ගරුතර මහාසංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසෙහි ඉදිකිරීම් කටයුතු වල නිරීක්ෂණ චාරිකාවකට සඳහා සහභාගි වෙමින්. මහනුවර ලංකාවේ දෙවෙනි නගරය ලංකාවේ අධිවේගී මාර්ගයක් හැදුවනම් හදන්න තිබ්බේ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරට නමුත් පසුගිය කාලයේ මහනුවර ප‍්‍රධාන කොටගෙන කන්ද උඩරට පළාත් සම්පූර්ණයෙන් අමතක කරලා තිබ්බා. යහපාලන රජය බිහි වුණායෙන් පස්සෙ ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගෙත් ආශිර්වාදය ඇතිව අපිට පුළුවන් වුණා මේ අධිවේගී මාර්ගය ආරම්භ කරන්න . මේ අවස්ථාස්ථාවේදි මම මතක් කරන්න කැමතියි දකුණු අධිවේගී මාර්ගය ඉදි කරන්න අවුරුදු 10 ක් ගියා. නමුත් අපිට පුළුවන් වෙනවා මේ කිලෝ මීටර් හතලිහක ප‍්‍රමාණය ඇතුළත් මීරිගම සිට කුරුණෑගල කොටස මේ අවුරුද්දෙ අන්තිමට අවසන් කරන්න. මේ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන තුරු මහනුවරට යන්න අළුත් පාරක් නිර්මාණය වෙනවා.ඒ පස්යාල මීරිගම කුරුණෑගල හරහා මහනුවරට. මේ හරහා කන්ද උඩරට පළාත් වල විශාල දියුණුවක් ඇතිවෙනවා ඒක ඒකාන්තයි . ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉඩම් වල වටිනාකම සියයට පන්සීයයකින් වැඩිවෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා නිතරම විමසන කාරණයක් තමයි මේ මාර්ගයේ ඉදිකිරීම් සිදුවීම කොහොමද කියන එක. ඉතින් මම තීරණය කළා මහා නායක අනුනායක හිමිවරුන්ට මේ ව්‍යාපෘතිය පෙන්නමු කියලා. මම හිතනවා මේකෙන් විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා කියලා.ඒ වගේම අපගේ ආරාධනාව පිළිගෙන මෙහි වැඩම කළ මහා නායක අනුනායක ස්වාමීන් වහන්සේලාට මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා .
 

More News..