brand logo

ලංකාවේ මිලියනයකට කොවිඩ් මරණ 9 යි

04 January 2021

මෙරට මිලියනයක පිරිසකගෙන් කොවිඩ් ආසාදනය වී ඇත්තේ පුද්ගලයන් 2012 කට පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එසේම මිලියනයක ජනගහනයෙන් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 9 ක් බවද එම අංශය සඳහන් කරයි. දකුණු ආසියා කලාපයේ ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5859 ක් වන අතර, සිදුවන මරණ සංඛ්‍යාව 89 කි. ඉන්දියාවේ ජනගහනයෙන් මිලියනයකට ආසාදිතයන් 7382 ක් සහ මරණ 107 ක්ද, සිංගප්පූරුවේ ජනගහනයෙන් මිලියනයකට ආසාදිතයන් 10003 ක් සහ මරණ 5 ක්ද, ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියනයකට ආසාදිතයන් 1110 ක් සහ මරණ 36 ක් වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. වරුණි පෙරමුණ
 

More News..