brand logo

ලංකාවේ මිනිස්සු බිලියන 103ක දුම් බීලා

12 November 2020

මෙම වසරේ මුල් මාස නවයේදී මෙරටෙහි දුම්වැටි වෙනුවෙන් රුපියල් කෝටි 10,300ක් (බිලියන 103ක්) වැයකර ඇතැයි ලංකා දුම්කොළ සමාගම් 2020 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශයේ සඳහන් වේ. එසේම 2020 සැප්තැම්බර් 30න් අවසන් වන වසරේ තුන්වන කාර්තුව තුළ දී දුම්වැටි වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වැයකර ඇති මුදල රුපියල් බිලියන 44.58ක් බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. දුම්කොළ සමාගම සිය මූල්‍ය ප්‍රකාශනයෙන් පවසන්නේ මේ වන විට රටේ දුම්වැටි අලෙවිය, ආසන්න වශයෙන් පූර්ව කොවිඩ් -19 මට්ටමට පැමිණ ඇති බවයි. ඒ අනුව අදාළ 2020 වසරේ තුන්වන කාර්තුව තුළදී සමාගමේ ආදායම 26%කින් සහ රජයට ලබාදුන් බදු ආදායම 28%කින් වැඩි වී ඇත. කොවිඩ් -19 වසංගතය මෙරට ව්‍යාප්තිය ඇරඹී මුල් වකවානුව වූ 2020 අප්‍රේල්, ජුනි කාර්තුව තුළදී සිගරැට් අලෙවි 38%කින් පහළ ගිය බව ලංකා දුම්කොළ සමාගම මීට පෙර ප්‍රකාශ කළේය.
 

More News..