brand logo

ලංකාවේ භාවිතා කරන ඖෂධවලින් 70%කට සිදුවන්න යන දේ

17 January 2022

මෙරටදී ම ඖෂධ නිෂ්පාදනයට පියවර

මෙරට භාවිත කරන ඖෂධවලින් සියයට හැත්තෑවක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය. තවත් වසර දෙකක් ඇතුළත අදාළ ඉලක්ක වෙත ළඟාවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

මහනුවරදී ඊයේ (16 වැනිදා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා ආරම්භය ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට හතරවන බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍යතාවක් ඇතිවුවහොත් ජනතා සුබ සිද්ධිය පිණිස සිව්වන බූස්ටර් එන්නත ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය. කමල් සුරවීර - මහනුවර
 

More News..