brand logo

ලංකාවේ පාසල්වලින් භාගයකටම කියන නුවණ කපා හැරලා

28 July 2019

දිවයිනේ සමස්ත පාසල් අතරින් සියයට හැටහයකට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බව විගණන පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. එම පාසල් සංඛ්‍යාව හයදහස් හයසිය හැටතුනකි. කියවීම් කාමර දෙදහස් එකසිය අසූපහක් සහ තාවකාලික පුස්තකාල තුන්දහස් තුන්සිය දහහතරක් මෙම පාසල්වල පවතින අතර පාසල් එක්දහස් එකසිය හැටහතරකට කිසිදු කියවීමේ ඉඩකඩක් නොපවතින බවද විගණනයේදී නිරීක්‍ෂණය වී තිබේ. පුස්තකාල විෂය භාර නිලධාරීන්ගේ පුහුණු කිරීම යටතේ පසුගිය 2018 වසරේදී රුපියල් තිස්හය ලක්‍ෂයකට අධික මුදලක් වැය කර අධ්‍යාපන කලාප අනූඅටක් සඳහා විෂයභාර අධ්‍යක්‍ෂවරු අසූදෙනෙක් පුහුණු කර තිබුණද එම පුහුණුවේ ඵලදායිත්වය පළාත් නිලධාරීන් මගින් පාසල්වලට ව්‍යාප්ත වී නොතිබුණු බවද එම විගණන පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වෙයි. නිලන්ත මදුරාවල
 

More News..