brand logo

ලංකාවේ ප්‍රථම වතාවට ජාතික ලැයිස්තුවෙන් අගමැති පත්වෙයිද?

05 December 2018

මෙන්න 07 වන දාට රටම බලා සිටින තීරණය තීන්දුව පිළිබඳව කතාව මෙය විය හැකියි. ජාතික ලැයුස්තු නියෝජිතයෙක් අගමැති ධුරයට පත් කරයි! ඒ යටතේ පිහිටුයන භාරකාර ආණ්ඩුවක් යටතේ, ඉක්මන් මැතිවරණයක් පැවැත්විය යුතුව තියනවා. පන්සිල් කැඩු, එජාප අතුකොළුක් වු දබර අමිල හිමි ශාසනයෙන් නෙර පන්න යැයි, සාධාරණ සාමාජයක් සඳහා වු පුරවැසි හඩ සංවිධාන ගාල්ලේ දී මාධ්‍ය හමුවකදී කියයි. අද 05 දින ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී සාධාරණ සාමාජයක් සඳහා වු පුරවැසි හඩ සංවිධානයේ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙසේ ද කීය. සොභිත හිමියන් ඇති කළ සාධාරන සමාජයක් නම් වු සංවිධධානය සෝභිත හිමි අපවත් විමෙන් පසුව වෙනස් උනා සම්පුරණයෙන්ම දේශපාලනිකරණයක් ඇති උනා රනිල් වික්‍රමසිංමගේ අතුකොළුවක් ද වශයෙන් පත් වුනා. නමුත්, මෙය ආරම්භ කල විටදි මෙයට රනිල් එකඟ වුනේ නෑ. තම පක්ෂයේ උදවියට මෙයට එන්න යන්න දුන්නේ නෑ.නමුත් සාධාරණ සමාජයක් වු පුරවරසි සංවිධානය සමාජගත වුනා පසුව රනිල්ට උවමනා වුනා මෙයට රිංගගෙන මෙහි නිතතල අරගෙන මෙය හරහා බලයට එන්න පදනමක් දමාගන්න. ඒ නිසා රනිල් මෙයට ආවා. කැමැති උනා පසුව එයයි සිදු උනේ.පසුව සමන් රත්නප්‍රිය,වැලිඅමුණ සරත්, ආදි සියලුම අය බද්ධ කරන්නට රනිල්ගේ ගෝලයෝ වශයෙන් සාධාරණ සමාජයක් සදහා වු ව්‍යාපරයට එක්කර ගත්තා. එක් කළා. රනිල් වික්‍රමසිංහ එතුමාගේ උවමනාවට තමයි මේ අය මේ සංවිධානයට එකකර ගත්තේ.අන්න ඒ විදියට රනිල් රිංගවපු පිරිස තමයි මේ සංවිධානය දැන් හසුරුවන්නේ. සංවිධානයේ අරුමුණ වෙනුවට එජාප දුෂ්ඨ අරුමුණු ඉට්කර කරන්නට තමයි අද මේ සංවිධානය කටයුතු කරන්නේ. දබර අමිල හිමි මේ අයට මුක්කු ගහනවා කඩේ යනවා මෙය මේ අය දැන් කරන්නේ.මේ හිමියන් ඇතුළු පිරිසට කඩේ යනවාට එජාපෙරමුණු වෙනුවෙන් පෙනි සිටිම සම්බන්ධයන් ගෙවිම් සිදුකර ඇති බව පේනවා. අද දබර අමිල හිමියන්ට දානයකට, මළ ගෙදරකට යන්න බෑ පන්සිල් කඩ කරලා තියනවා හොරකම් කර බොරු කරලා තියනවා අතේම දැන් එය පත්තුවෙලා තියනවා.මේ නිසා දබර අමිල හිමි ශාසානයෙන් පිටමං කළ යුතුව තිබෙනවා. අපි ඉල්ලනවා මේ රටේ නායක හාමුදුරුවන්ගෙන් මේ අම්ල හිමි ශාසානයෙන් නෙරපන්න කියලා.මේ ආකාරයට එජාපට සම්බන්ධව කටයුතු කරන වැඩි දෙනෙක් හිමිවරුන් මේ ආකාරයට වරප්‍රසාද අරගෙන කඩේ ගොස් තියනවා.මේ අනුව ඊණියා පුරවරසි හවුලේ නිරුවත හෙලි වී තිබෙනවා. රටේ ඇතිවි ඇති දේශාපලන අස්ථාවර තත්ත්වය නිසා සියලුම අංශවල කඩා වැටීමක් සිදුව තියනවා. මෙය ඉතාම බියජනකයි.සමාජ,ආර්ථික දේශපාලන සංස්කෘති ආදි වශායෙන් සියලුම අංශවල මෙම් කඩා වැටීම සිදුව තියනවා. මෙය බරපතලයි.මෙම ගැටළුව නිමා කරන්නට කටයුතු කළ යුතු පිරිස් මේ සඳහා සුදනාමක් නැති බව දැකිය හැකිය.පුරවැසි සංවිධානය අපි මේය කිසිදු පක්ෂයකට ලැදිම හෝ කිසිදු පාට කණ්නාඩියකින් බලන්නේ නෑ.මේ තත්ත්වයට රට ඇඳ දැමීම සම්බන්ධයෙන් මේ සියල්ලම වගකියන්නට උවමනායි. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් නව මැතිවරණයක් සඳහා අවශ්‍ය වු තින්දුවක් ගෙන තියනවා.එය අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවා තියනවා.මේ වන විට එය විභාග වෙමින් තියනවා.ජනපති පත්කල නව ආණ්ඩුව හා නව අග මැතිගේ බල තල ද අධිකරණයෙන් අත්හිටුවා තියනවා.මෙය විසදිය යුත්තේ අධිකරණයෙන් නොවන බවයි අපි කියන්නේ.විසදිය යුත්තේ දේශාපලන අධිකාරිය තමයි. මෙය විසදුම් දිය හැක්කේ ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවටයි. අධිකරනයක් කළ යුත්තේ නිතිමය තත්ත්වය පැහැදිලි කිරීම පමණයි සිදුකරන්න හැක්කේ.අධිකරණයේ සහයෝගය ගත්තාට කමක් නෑ මෙය විසදිය යුත්තේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවයි. රනිල් වික්‍රමසිංහ කියනවා තිබුණු ආණ්ඩුව හදා ගන්න ඉඩ දෙන්නය කියා එහෙම වෙන්නේ නෑ.එහෙම දෙන්නත් බෑ එතුමාගේ ගෙන ගිය පාලනය වැරදියි. එය රටම දන්නවා. 2015 ජනවාරි 08 වනිදා දුන් ජන වරම වැරදි මාර්ගයක රැගෙන ගිය නිසා තමයි මේ අර්බුදය මතු වන්නේ.පිලි පැනපු කොච්චිය ක් මෙම රනිල්ගේ කතාවට තිත තියන්නට ජනාධිපතිතුමා ගත් ක්‍රියාව අපි වැරදිය කියන්නේ නෑ. එතුමා හරියි. රනිල් වැරදිම වැරදි ගමනක් ගිය නිසා ජනාධිපතිතුමා එහෙම කළා. ගමන නැවැත්තුවා.වැරදි ආකාරයට මෙය කලා යැයි අද වන විට සමාජ ගතව තියනවා. නමුත්, රනිල්ගේ වැරදි ගමන රටක් එක්ක යන ගමන නතර කිරීම සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා එකඟයි. නමුත් එයට ගත් ක්‍රියා මාර්ගය නිතිරිති කොතරම් නිවැරදි ද යන්න ප්‍රශ්ණයක් අප හමුවේ තියනවා.මේය රටේ ජනතාවගේ රටේ වාසියට ගෙන එන්නට මේ සියලුම ජනතාවගේ යුතුකම වෙනවා.ජනතාවට අලුත් මැතිවරණයක් සඳහා යොදාවාගේන නව ආණ්ඩුවක් සඳහා කැමැත්ත පත්කර න මහ මැතිවරණයක් සඳහා තමයි දැන් කළ යුතුව ඇත්තේ. මේ අනුව කටයුතු කල යුතුව ඇත්තේ. වත්මන් මහින්ද රාජපක්ෂ අගමැති තුමාගේ ආණ්ඩුව යටතේ මහ මැතිවරණයක් සඳහා ගමන් කරන්ට යෑමේ දී ප්‍රශ්ණයක් තියනවා නම් එයටත් විසදුම් තියනවා. භාරකාර ආණ්ඩුවක් සඳහා ද කැමැති නැතිනම් අපිට සිදුකළ හැකි තවත් ක්‍රමවේදයක් තියනවා. කවුරුත් පිලිගත හැකි ස්වාධිත පුද්ගලයෙක් චරිතයක් මේ අවස්ථාවේ දි යොමු කරන්න ඉදිරිපත් කරන්ට හැකියාව තියනවා.මෙයට, පාර්ලිමේන්තුව නියෝජනය කරන උගතෙක් පුද්ගලයෙන් වෘත්තිය වේදියෙක් ඉදිරිපත් කළ හැකියි.එහෙම අගමැති තනතුරේ පිහිටුවා බාරකාර ආණ්ඩුව යටතේ මහ මැතිවරණයක් සඳහා ගමන් කල හැකියාව තියනවා. මහ මැතිවරණයක් පැවැත්විය හැකිව තියනවා. මෙය විසිදුම් වශයෙන් දැනට පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයෙන් මෙයට සුදුසු නැ හරියන්නේ නෑ නමුත් ජාතික ලැයුස්තුවෙන් නම් කළ සුදුසු පුද්ගලයෙක් මෙම නව අගමැති කමට පත් කරන්ට හැකිය. පාර්ලිමේන්තුව සුදුසු කමක් එවිට තියනවා. සෑම පක්ෂයක ජාතික ලැයුස්තුවල සිටින ස්වාධීන කිසිදු පක්ෂයක සමාජිකයෙක් නොවන විද්වතුන් සිටිනවා. අන්න එවැනි අයකු පත් කළ හැකියි නව අග මැතිවරයා වශයෙන්. එවැනි ඕනෑම පක්ෂයක ජාතික ලැයුස්තු නම් කළ මන්ත්‍රිවරයෙක් ගෙනත් සිටින දැනට සිටින ජාතික ලැයුස්තු මන්ත්‍රිවරයෙක් ඉවත් කර ස්වාධින භාරකාර ආණ්ඩුක් ඇතිකර එහි අගමැතිවරයා වශයෙන් ඒ නව ජාතික ලැයුස්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් පත් කර ගත හැකියි. මෙහි මහින්ද,රනිල්,සම්බන්දන්,අනුර කුමාර ආදි සියලුම පක්ෂවල නායකයන්ට මන්ත්‍රිවරුන්ට සිටිය හැකියි. ඒ අනුව මහ මැතිවරණයකට යා හැකියි.එය තමා අවසාන විසදුම බව සාධාරණ සාමාජයක් සඳහා වු පුරවැසි හඩ සංවිධානය අපි ඉල්ලා සිටිනවා යැයි, හිටපු ඇමති සාධාරණ සාමාජයක් සඳහා වු පුරවැසි හඩ සංවිධානය චන්ද්‍රසේන විජේසිංහ මහතා ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. ගාල්ල - සුනෙත් ගාල්ලගේ
 

More News..