brand logo

ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ඉදි කිරීමට ගිවිසුම් අත්සන් කරයි

14 October 2019

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13) දින අත්සන් කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ඒ සඳහා නුවරඑලිය මහ නගරසභා පරිශ්‍රයේදී අත්සන් කර ඇත. මෙම කේබල් කාර් ව්‍යාපාතිය නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමව ඇත. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වන අතර නානුඹය දුම්රිය ස්ථානය, නුවර එළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිතව ඇත. එහි එකවර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 88කින් සමන්විතව ඇත.
 

More News..